Direct Download වෙත යන්න Quality Click කරන්න]
️
මහිතෝ මකී කියන්නෙ දෙවන ලෝක යුධ සමයේ ටෝකියෝවෙ ජීවත්වුණු පිරිමි ළමයෙක්. ඉතාමත් අඩු වයසකදි යුද්ධයේ බිහිසුණුකාරීබව සහ වේදනාකාරීබව ඔහුටත් අත්විඳින්න ලැබෙනවා. ඔහුගේ මව මියයන්නෙත් මේ යුද්ධය නිසාම තමයි. මේ විදිහට නිරන්තරයෙන් බෝම්බ ප්‍රහාරවලට ලක්වෙන නිසා, ටෝකියෝව කියන්නෙ තවදුරටත් ආරක්ෂිත තැනක් නෙමෙයි. විශේෂයෙන්ම මහිතෝ වගේ ළමයින්ට… ඒ නිසා මහිතෝගෙ පියා, ඔහුගෙ අලුත්ම බිරිඳ; මහිතෝගෙ මවගෙ නැඟණිය වෙන “නත්සුකෝ” ජීවත්වෙන ග්‍රාමීය ප්‍රදේශයට මහිතෝ සමඟම පිටත්වෙනවා.
ටෝකියෝවේ කාර්යබහුල පරිසරයක හැඳීවැඩුණු මහිතෝට නිස්කලංක ග්‍රාමීය පරිසරය ටිකක් නුහුරු තැනක්. අනිත් දේ තමයි ඔහු ඇවිල්ලා ලොකු කුතුහලයක් තියෙන දරුවෙක්. ඒ නිසා ඔහු හරිම උනන්දුයි මේ අලුත් පරිසරයෙ තමා අවට සිදුවෙන දේවල් පිළිබඳව. මහිතෝගෙ අවධානය ගොඩක්ම දිනාගන්න සමත්වෙන්නෙ ඔහුගෙ අලුත් ගෙදරට නුදුරින් තියෙන විශේෂ ගොඩනැගිල්ලක්. ඔහුගෙ පුරාතනයෙක් ගොඩනැගුවා කියන මේ ගොඩනැගිල්ල, මහා රහස් ගොන්නක් සඟවන් ඉන්න තැනක්. මේ වගේ අත්භූත තැනක හරි අපූරු වික්‍රමාන්විත චාරිකාවකට තමයි මහිතෝ එකතුවෙන්න යන්නෙ. ඒ විශේෂ මඟපෙන්වන්නෙකුගෙ සහයත් ඇතිවයි. ඔව්, ඒ තමයි “අලුකොකා.” තමන්ව දැන් බලාකියාගන්න, තමන්ගෙ දෙවෙනි අම්මා වෙන නත්සුකෝව බේරගන්න තමයි මහිතෝ මේ චාරිකාව අරඹන්නෙ.
ඉතින් නත්සුකෝ මොන විදිහෙ කරදරයකටද මුහුණපාලා තියෙන්නෙ? මේ කියන ගොඩනැගිල්ල සඟවන් ඉන්න රහස් මොනාද කියල දැනගන්න නම්, ඔයාට මේක දැන් බලන්නම වෙනවා.
ඇනිමේ රසිකයො බලාපොරොත්තුවෙ දෑස් දල්වගෙන හිටපු, අසහාය සිනමාකරු “හයාඕ මියසාකී” සෙන්සෙයිගෙ අලුත්ම ඇනිමේ චිත්‍රපටය වෙන The Boy and The Heron වෙනුවෙනුයි මේ සිංහල උපසිරසි ලබාදෙන්නෙ. මේකලු ඔහුගෙ අවසන් සිනමා කෘතිය වෙන්නෙත්… ඉතින් ඒ අනුව බලනකොට මේ චිත්‍රපටයෙන් ඇනිමේ කලාවෙ තවත් යුගයක අවසානයක් සනිටුහන් වෙනවා කියල අපිට කියන්න පුලුවන්.
Subtiltes By
පවිත් විජේසූරියසිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.
Downlaod කිරීමට පිටුවේ පහලට යන්න
Direct Download කිරමට පතින් ඔබ වශ්‍ය Quality එක ක්ලික් කරන්න
Quality | Size | Language | |
---|---|---|---|
No comments:
Post a Comment